Tuesday, April 30, 2024

ඉන්දියාවේ ගුවන රකින රුසියානු මිසයිල

දිගු දුර ගුවන් ආරක්ෂක පද්ධතියේ පළමු බලඝණ දෙක දැනටමත් ක්‍රියාත්මක කර ඇති ඉන්දීය ගුවන් හමුදාව කඩිනමින් රුසියාවේ නිෂ්පාදිත S-400 මිසයිල අත්හදා බැලීමට නියමිත බව ඉන්දීය ගුවන් හමුදා ආරංචි මාර්ග උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කළේය.
මෙම මිසයිල පද්ධතිය රුසියාවේ අත්හදා බැලීම් අතරතුර ඉන්දීය හමුදා විසින් වෙඩි තැබීම සිදු කර ඇති නමුත් එය තවමත් රට තුළ ක්‍රියාත්මක කර නැතැයි ඉහළ පෙළේ ගුවන් හමුදා නිලධාරියෙක් ANI වෙත පවසා තිබුණි.
ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියට කිලෝමීටර් 400 ක උපරිම පරාසයක වේගයෙන් ගමන් කරන ප්‍රහාරක ජෙට් හෝ කෲස් මිසයිල බිම හෙළීමට හැකියි.
ඉන්දියාව දැනටමත් සිය පළමු මිසයිල පද්ධති බලඝණ දෙක සේවයට යොදවා ඇත.
පළමු බලඝණ දෙක ලඩාක් සහ බටහිර බෙංගාලය ආවරණය කළ හැකි පරිදි ස්ථාන ගතකර තිබේ.
ඉන්දියාව සහ රුසියාව S-400 ගුවන් ආරක්ෂක මිසයිල බලඝණ පහක් සඳහා රුපියල් කෝටි 35,000 කට අධික ගිවිසුමකට එළැඹ ඇති අතර, 2023-24 අවසානය වන විට මිලදී ගැනීම් අවසන් කිරීමට අපේක්ෂා කරන නමුත් මෙම කාල රාමුවේ ප්‍රමාදයක් ඇති විය හැකි බව ආරංචි මාර්ග පවසයි.
ඉන්දියානු ගුවන් හමුදාව මෑත වසරවලදී එහි ගුවන් ආරක්ෂක හැකියාවන් සැලකිය යුතු ලෙස වැඩිදියුණු කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles