ලෝක ණයෙන් අපි ගලවන හැටි!

0
346

ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව ඊයේ (14) පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් සිය සැලැස්ම ප්‍රකාශයට පත්කර තිබුණි. 

ඒ, අමෙරිකාවේ වොෂිංටන් හී පැවැත්වෙන ස්ප්‍රින් සමුළුවට සමගාමීවය.

ඊට මාර්ගගත ක්‍රමය ඔස්සේ එක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ මෙරට ණයහිමියන් සහ කොටස්කරුවන් සමඟ විනිවිදභාවයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බවය.

ඊට ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි, ප්‍රංශයේ භාණ්ඩාගාර අධ්‍යක්ෂ ජනරාල් එමානුඑල් මූලන් සහ ඉන්දීය මුදල් ඇමතිනි නිර්මලා සීතාරාමන් යන මහත්ම මහත්මීන් සමඟ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ද එක්වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here