25 නෙවෙයි.. ආයෙ ඡන්ද නෑ.. සල්ලි ලැබුණොත් තමයි…

0
436

පළාත් පාලන මැතිවරණය මේ මස 25 වැනි දා නොපැවැත්වෙන අතර එම මැතිවරණය භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කරන දිනක පවත්වන බව සඳහන් කරමින් දිස්ත්‍රික් තේරීම්බාර නිළධාරීන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කරනු ලබන බවට නිශ්චිත වශයෙන් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙන දිනය හෝ දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිය ඉදිරියේ විභාගවන පෙත්සම්වල නඩු තීන්දු මත ඡන්ද විමසීම සඳහා නව දිනයක් නම් කරන බව ද ඒ ඒ දිස්ත්‍රික් තේරිම්බාර නිලධාරීන් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනවල සඳහන් වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here