රටට ආඩම්බරයක්…

0
351

ඇමෙරිකාවේ සවුත් වෙස්ටර්න් ලෝ කොලේජ් නීති විද්‍යාලයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඩිලන් මහේන් ගුණරත්න 2023 වසරේ ඇමෙරිකාවේ හොඳම නීති ශිෂ්‍යයන් අට දෙනාගෙන් අයෙක් ලෙස සම්මානයට යෝජනා වී ඇත.

‘සවුත් වෙස්ටර්න් ලෝ කොලේජ්’ නීති විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය ලබන 19 වැනිදා පැවැත්වෙන අතර, නීති සිසුන් වෙනුවෙන්, විශේෂ කතාවක් පැවැත්වීමට තෝරාගෙන ඇත්තේ ද ඩිලන් මහේන් ගුණරත්න වීම විශේෂත්වයකි.

‘සවුත් වෙස්ටර්න් ලෝ කොලේජ්’ නීති විද්‍යාලයේ විශේෂ කතාවක් පැවැත්වීමට ලාංකික නීති ශිෂ්‍යයකු තෝරාගත් පළමු අවස්ථාව මෙයයි.

කැනඩාවේ උපන් ඩිලන් මහේන් ගුණරත්නගේ මවුපියෝ ලාංකිකයෝය. ඩිලන්, සිය ප්‍රථම උපාධිය ලබාගත්තේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ‘කැල් ස්ටේට්’ විශ්වවිද්‍යාලයෙනි.

ඉන්පසු ඔහු කැනඩාවේ ටොරොන්ටෝ නුවර ‘වයිටීවී’ නාළිකාව හා සම්බන්ධවී කටයුතු කළේය. ‘සවුත් වෙස්ටරන්’ නීති විද්‍යාලයට ඔහු ඇතුළු වූයේ ඇමෙරිකන් ඩොලර් 75,000ක ශිෂ්‍යත්වයක් දිනා ගනිමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here