ඉන්දීය ආරක්ෂක ඇමති ප්‍රබල රටවල් රැසක ආරක්ෂක ඇමතිවරු හමුවෙයි

0
265
New Delhi, Apr 27 (ANI): Defence Minister Rajnath Singh in a bilateral meeting with the State Councillor and Minister of National Defence of China, General Li Shangfu on the sidelines of Shanghai Cooperation Organisation (SCO) Defence Ministers, in New Delhi on Thursday. (ANI Photo)

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සාමාජික රටවල ආරක්ෂක අමාත්‍යවරු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.
ඔහු කසකස්තානය, ඉරානය, තජිකිස්තානය සහ චීනය යන රටවල ආරක්ෂක අමාත්‍යවරුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.
මෙම සාකච්ඡාවලදී ද්විපාර්ශ්වික ආරක්‍ෂාව සම්බන්ධ ගැටළු සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන අනෙකුත් කරුණු අමාත්‍යවරුන් විසින් සාකච්ඡා කරන ලදී.
පළමු ද්විපාර්ශ්වික සාකච්ඡාව කසකස්තානයේ ආරක්ෂක අමාත්‍ය කර්නල් ජෙනරාල් රුස්ලාන් ෂක්සිලිකොව් සමඟ පැවැත්වුණු අතර ඉන් අනතුරුව ඉරාන ආරක්ෂක අමාත්‍ය බ්‍රිගේඩියර් ජෙනරාල් මොහොමඩ් රේසා ගරායි අෂ්ටියානි, තජිකිස්තානයේ ආරක්ෂක අමාත්‍ය කර්නල් ජෙනරාල් ෂෙරාලි මිර්සෝ සහ චීන ආරක්ෂක අමාත්‍ය ලී ෂැංෆු සමග ද සාකච්ඡා පැවැත්විණි.
ගල්වාන් ප්‍රදේශයේ දේශසීමා උල්ලංඝණය වීමෙන් පසු චීන ආරක්ෂක අමාත්‍යවරයාගේ පළමු සංචාරය මෙයයි.
මීට අමතරව ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා රුසියාවේ, බෙලරුස් සහ උස්බෙකිස්තාන් ආරක්ෂක ඇමතිවරුන් සමග ද සාකච්ඡාවල නිරත විය.
2023 දී ෂැංහයි සහයෝගීතා සංවිධානයේ ඉන්දීය සභාපතිත්වයේ තේමාව වන්නේ ‘Secure-SCO’ යන්නයි.
කලාපය තුළ බහුපාර්ශ්වික, දේශපාලන, ආරක්‍ෂාව, ආර්ථික සහ ජනතාව අතර අන්තර්ක්‍රියා ප්‍රවර්ධනය කිරීමේදී ඉන්දියාව ෂැංහයි සහයෝගීතාව වෙත විශේෂ වැදගත්කමක් ලබා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here