Tuesday, April 30, 2024

ගැටුම් හේතුවෙන් රටින් පලා යන පාකිස්තානුවන්ගේ වර්ධනයක්

පසුගිය පෙබරවාරි මාසයේදී ඉතාලි වෙරළබඩ නගරයක් අසලදී සිදුවූ අවාසනාවන්ත බෝට්ටු අනතුරකින් මිය ගිය අනවසර සංක්‍රමණිකයන් 60 දෙනා අතරින් බහුතරයක් පාකිස්තානුවන් වීම රට තුල ඇති අවාසනාවන්ත තත්ත්වය පිළිබඳ සංකේතයකි.
වෙනත් රටකට පිවිසීමේ වාසනාව උරගා බලන පාකිස්තානුවෙක් ඇමෙරිකානු ඩොලර් දසදහසක් වැය කරන අතර දරුවෙක් සඳහා ඩොලර් 4500ක් ගෙවයි.
පකිස්ථානයේ ආරක්ෂක ප්‍රශ්නය සාමාන්‍ය මිනිසෙකුගේ ජීවිතය කෙතරම් අවුල් කර ඇත්ද යත්, ප්‍රචණ්ඩත්වය සහ ගැටුම් හේතුවෙන් තවත් දිනක අවිනිශ්චිතතාවයකට මුහුණ දෙනවාට වඩා ඉතාලියට නීතිවිරෝධීව ඇතුලු වී සිහිවටන විකුණමින් වීදි කොනක වාඩි වී සිටීමට ඔවුන් කැමත්තක් දක්වති.
එහි මෑත කාලීන ගොදුර වන්නේ ස්වැට් නිම්නයයි.
කෙටි සාමකාමී කාලයකින් පසු, ස්වැට් නැවතත් ත්‍රස්තවාදයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබේ.
ප්‍රදේශයේ උද්ගතව ඇති අනාරක්ෂිත බව ඇති කරන ප්‍රචණ්ඩකාරී ක්‍රියාකාරකම් කෙරෙහි රජයේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා ස්වැට් නිම්නයේ ජනතාව වසරක් පුරා වීදිවලට බැස තිබේ.
ටෙහිරීක් ජිහාඩ් නම් කණ්ඩායම ප්‍රදේශයේ ත්‍රස්තවාදී ක්‍රියා සඳහා අවතීර්ණ වී ඇති නවතම කණ්ඩායමයි.
බලුකිස්තානයේ මෑතක සිදු වූ ප්‍රහාර කිහිපයකම වගකීම ඔවුන් භාරගෙන ඇත.
ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය ස්ථාපිත වීමත් සමග ත්‍රස්ත ක්‍රියා ඉහළ ගොස් තිබේ.
පාකිස්තාන රජය මේ සම්බන්ධයෙන් යොමු කරන දුර්වල අවධානය නුදුරේදීම ත්‍රස්තවාදීන් ඉස්ලාමාබාද් වෙත ද කැඳවාගෙනු ඇති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles