සුඩානයේ සිරවුණු ඉන්දියානුවන් 2300ක් මුදා ගැනේ

0
320

හමුදාව සහ පැරා මිලිටරි කණ්ඩායම් අතර ගැටුම් හේතුවෙන් සිරවුණු ඉන්දීය ජාතිකයන් 2300 දෙනෙකු නිරුපද්‍රිතව යළි රටට ගෙන්වා ගැනීමට හැකි වූ බව විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් පැවසීය.
කාවේරි මෙහෙයුම යටතේ සුඩානයේ සිර වූ ඉන්දියානුවන් මුදා ගැනීම සිදු කෙරන අතර ඔවුන් නැව් මගින් ජෙඩා වෙත රැගෙනවිත් එතැන් සිට ඉන්දියාව වෙත ගුවනින් රැගෙන එන්නේ ඉන්දීය ගුවන් හමුදාවයි.
‘කාවේරි මෙහෙයුම’ ආරම්භ වූ දා සිට සෞදි අරාබියේ ජෙඩා නුවරින් ඉන්දියානුවන් රැගත් ගුවන් යානා 8ක් පිටත් වී තිබේ.
සුඩානයේ සටන් විරාමයක් කැඳවා ඇති හෙයින් ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් තම පුරවැසියන් ඉවත් කරගනිමින් සිටී.
ගැටුම්වලට මැදිව සුඩානයේ සිරවී සිටින ඉන්දියානු පුරවැසියන් 3000ක් මුදා ගැනීම ඉන්දියාවේ අපේක්ෂාවයි.
ඉන්දීය නාවික හමුදාවට අයත් INS Teg සහ INS සුමේධා නාවික යාත්‍රා සුඩානයේ සිට සිය පුරවැසියන් ජෙඩා වෙත ප්‍රවාහනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here