මුස්ලිම් ජනයා විශේෂ අධිකරණයක්

0
319

 

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනයාට එරෙහිව යුද සමයේ සිදු කෙරුණ අපරාධ සම්බන්ධයෙන් විභාග කිරීම සඳහා විශේෂ අධිකරණයක් ස්ථාපිත කළ යුතු යයි නැගෙනහිර පළාතේ ජාතික ‘සුහදාක්කල්’ සංවිධානය (Suhathakkal) පවසයි.

නිවේදනයක් නිකුත් කරන ජාතික ‘සුහදාක්කල්’ සංවිධානය පෙන්වා දුන්නේ දෙමළ කොටි සංවිධානය විසින් 1990 වසරේ මුස්ලිම් පල්ලි දෙකක දී සීයකට අධික මුස්ලිම් වැසියන් මරා දැමීමේ 26 වෙනි සංවත්සරය යෙදීමත් සමඟයි.

කාත්තන්කුඩි මුස්ලිම් පල්ලි දෙකක දී වෙඩි තබා ඝාතනය කරන ලද 104 දෙනා ඇතුළු එම වසරේ වෙනත් තැන් වලදී මරා දැමුණ මුස්ලිම් ජනතාව වෙනුවෙන් පරීක්ෂණයක් ආරම්භ කළ යුතුව ඇති බවයි නැගෙනහිර පළාතේ ජාතික ‘සුහදාක්කල්’ සංවිධානයේ සභාපති මොහමඩ් රිෂ්වි, පවසා ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here