කළුතර පෙම් සුව විඳීම තහනම් වෙයි!

0
614

කළුතර ගඟ අසල, මුහුදු වෙරළ සහ කලපුව ආසන්නයේ අතර සිටී තරුණ යුවල 13 ක් ඊයේ පස්වරුවේ පොලිසියට රැගෙන ආ බව කළුතර දකුණ පොලිසිය පවසයි .

කළුතර ප්‍රදේශයේ විවිධ අපචාර ක්‍රියා වැලැක්වීමේ අරමුණින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි වැටලීම සිදුකර ඇත.

අනේ සර් ගෙවල්වලට නම් කියන්න එපා කියමින් පොලිස් නිළධාරීන් ඉදිරියේ තරුණ තරුණියන් හඩාවැටී ඇති බවද සදහන් වේ.

විශේෂ බස් රථයකින් ඔවුන් පොලිසියට කැටුව විත් මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතා අවවාද කර තරුණ තරුණියන්ට තේ පැන් සංග්‍රහයක් දී පිටත් කර හැරියේය.

කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස , සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වැටලීම සිදුකර තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here