බඩ ඉරිඟු ආනයනයට අවසර

0
364

කුකුළු මස් නිෂ්පාදන වියදම ඉහළ යාම වැළැක්වීමේ පියවරක් ලෙස සත්ව ආහාර නිෂ්පාදනය සඳහා පමණක් බඩඉරිඟු ආනයනය කිරීමට අවසර ලබා දීමට ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව තීරණය කර තිබේ.

මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේ දී රැස් වූ එම කමිටුව‍ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹිණි.

ඒ අනුව දැනට අතර මැදියන් සතුව ඇති බඩඉරිඟු තොග කිලෝග්‍රෑමයක් රුපියල් 52.50 බැගින් සතොස හරහා මිල දී ගෙන රුපියල් 45.00ක සහන මිලක් යටතේ සත්ව ආහාර නිෂ්පාදකයන්ට ලබා දීමට නියමිත ය.

ඒ අනුව බඩඉරිඟු කිලෝ ග්‍රෑමයක් වෙනුවෙන් සතොසට දැරීමට සිදුවන අමතර පිරිවැය මුදල් අමාත්‍යාංශය මගින් දැරීම සඳහා මෙහි දී එකඟත්වය පළ විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here