මෝදිගේ ඇමරිකානු සංචාරය ගැන ධවල මන්දිරය සුබවාදී ආකල්පයක.

0
276

ලබන මස සිදු මස සිදු කිරීමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ එක්සත් ජනපද සංචාරය,දෙරට අතර ගැඹුරු සහ සමීප හවුල්කාරිත්වය මෙන්ම එක්සත් ජනපදයේ සහ ඉන්දියාවේ ජනතාව සම්බන්ධ කරන උණුසුම් බැඳීම තහවුරු කරනු ඇති බවට ධවල මන්දිරය විශ්වාසය පළ කරනවා.

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරීන් ජීන් පියරේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසුවේ, අමරිකානු ජනාධිපතිවරයා සහ ජනාධිපති ආර්යාව ඉන්දීය ජනරජයේ අගමැති මෝදිට නිල රාජ්‍ය සංචාරයක් සඳහා සත්කාරකත්වය සැපයීමට උනන්දුවෙන් පසු වන බවයි.
නිදහස්, විවෘත, සමෘද්ධිමත් සහ සුරක්ෂිත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා දෙරටේ හවුල් කැපවීම නායකයින් දෙදෙනා විසින් ඉස්මතු කරනු ඇති බවද ඇය මෙහිදී ප්‍රකාශ කළා.

කැරීන් ජීන් පියරේ වැඩිදුරටත් පැවසුවේ අධ්‍යාපනික ක්ෂේත්‍රය පිළිබඳ සහ ජනතාව අතර සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ ක්‍රම පිළිබඳව බයිඩ්න් ජනාධිපතිවරයා සහ මෝදි අගමැතිවරයා සාකච්ඡා කරනු ඇති බවයි.

මෙම සංචාරය එක්සත් ජනපදය සහ ඉන්දියාව අතර ගැඹුරු සහ සමීප හවුල්කාරිත්වයත් ඇමරිකානුවන් සහ ඉන්දියානුවන් එකිනෙකාට සම්බන්ධ කරන පවුලේ සහ මිත්‍රත්වයේ උණුසුම් බැඳීමත් තහවුරු කරනු ඇති බවද කැරීන් ජීන් පියරේ ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here