දින 1000කට වඩා චීනයේ සිරගතව සිටින ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදිනිය

0
261

ඔත්තු බැලීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන දින 1000කට වැඩි කාලයක් චීනයේ රඳවාගෙන සිටින ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදිනියක් වන චං ලේ නිදහස් කරන ලෙස නැවත වරක් ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ.

එහෙත් එරට අධිකරණය තවමත් ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දී නොමැත

මෙම මාධ්‍යවේදිනියට එල්ල කර ඇති චෝදනාව වන්නේ රාජ්‍ය රහස් විදේශයන්ට නීතිවිරෝධී ලෙස සැපයීමය.
එම චෝදනාව වසර පහක සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබිය හැකි වරදකි.

චං ලේගේ මිතුරන් සහ පවුලේ අය අධිකරණයේ වෙතින් මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ ඔත්තු බැලීමේ චෝදනා මත ඇය අත්අඩංගුවට ගෙන දින 1,000ක් ගෙවෙන තැනයි.

ඕස්ට්‍රේලියානු ජාතික මාධ්‍යවේදිනිය චීනයේ රැඳවුම් භාරයේ තබා ගෙන සිටීම දෙරට අතර සබඳතාවලට කළු පැල්ලමක් එක් කිරීමට හේතු වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here