ශ්‍රීලනිප යේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක්- තීන්දු තීරණ රැසක් අද

0
303

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (04) පැවැත්වෙනවා.

ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

අද රාති‍්‍ර 7.00 ට ජනාධිපති නිල නිවසේදී එය ආරම්භ වනු ඇති. මධ්‍යම කාරක සභා රැස්වීමට පෙර පක්‍ෂ ජ්‍යෙෂ්ඨයින්ගේ විශේෂ සාකච්ඡාවක්ද ජනාධිපති නිල නිවසේදී පැවැත්වෙනවා.

ඒකාබද්ධ විපක්‍ෂය සංවිධාන කළ පාද යාත‍්‍රාවට සහභාගි වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍රවරුන් සම්බන්ධයෙන් අද පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කෙරෙනු ඇති. ඔවුන්ට ගනු ලබන විනය කි‍්‍රයාමාර්ග පිළිබඳව මෙහිදි අවධානයට යොමුවනු ඇති බවද වාර්තා වුණා.

මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර හමුවක් පෙරේදා (02) රාති‍්‍රයේද පවත්වා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here