අන්නමලේ පැමිණිලි කරයි… කස්සප පලා යයි…

0
1632

පසුගිය දිනවල ආන්දෝලනයට ලක්වූ නතාෂා ඒදිරිසූරිය සම්බන්ධ සිද්ධියේ පැමිණිලිකරු ලෙස කටයුතු කළ බලන්ගොඩ කස්සප නමැති භික්ෂුව මේ වන විට සැඟව සිටිතැයි වාර්තා වේ. තමාට එරෙහිව ජීවිත තර්ජන ඇතැයි කියමින් එකී භික්ෂුව සැඟව සිටිතැයි කියවේ.

ඒ් අතර එකී භික්ෂුවගේ වීඩියෝ සාකච්ඡාවක් නිසා තම ජීවිතයට විශාල තර්ජනයක් ඇති බව කියමින් SL VLOG හි සම්ප්‍රවේශකයෙක් ලෙස කටයුතු කරන සුජිත් අන්නමලේ මහතා පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පසුගිය දිනක එකී භික්ෂුව විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී පදනම් විරහිතව විවිධ පුද්ගලයින්ගේ නම් සඳහන් කරමින් අවලාද නගන අයුරු මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.

බළන්ගොඩ කස්සප නමැති භික්ෂුව රජයේ ප්‍රබල දේශපාලනඥයෙකු විසින් මෙහෙයවන බවට පැතිර යන පුවත් පිළිබඳ CIA අවධානයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here