යකඩ, සිමෙන්ති බහී…. ගෙවල් හැදෙයි..

0
380
Division rebar big size used in construction concrete

මෙම වසර ආරම්භයේ සිට පැවති යකඩවල මිල ගණන් මේ වනවිට සියයට පනහකින් පමණ අඩු වී ඇතැයි යකඩ ආනයනකරුවෝ පවසති.

ඩොලරයේ අගය පහළ බැසීමත් ඊට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් ඒ සඳහා බලපෑ ප්‍රධාන සාධක යැයි මෙල්වා සමාගමේ අධ්‍යක්ෂ මහින්දරත්න තෙන්නකෝන් මහතා මේ පිළිබඳව කළ විමසීමකදී පැවසීය.

එසේම පසුගිය දිනවල සිමෙන්ති මිල නැවත පහත බැසීම නිසා ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවන්, පෙදරේරුවන් ඇතුළු විශාල පිරිසකට නැවත සිය රැකියා පවත්වාගෙන යාමේ තත්ත්වයක් ඇතිවෙමින් පවතින බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here