Friday, October 18, 2024

චීනයේ ස්වර්ණමය යුගය අවසන්ද ..??

ගෝලීය ආර්ථික වර්ධනය 2023 වසරේදී 3% ට වඩා පහත වැටෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර තිබෙනවා.
එම පුරෝකථනයට අනුව ඉදිරි වසර පහ සඳහා ද ගෝලීය ආර්ථික වර්ධනය 3% ක පමණ මට්ටමක පවතිනු ඇති.
නමුත් මෙවර, අතීතයේ මෙන් නොව, ආර්ථික ප්‍රකෘතිමත් වීමට හෝ තවදුරටත් හැකිලීයාම නැවැත්වීමට උපකාරී වන වර්ධන යන්ත්‍ර ඇත්තේ ස්වල්පයක් පමණක් වන අතර, තමන්ගේම ආර්ථිකය යහපත් පෙර නිමිති නොපෙන්වන නිසා චීනයට ඒ සම්බන්ධයෙන් ඇත්තේ අඩු සම්භාවිතාවක්.
කොවිඩ්-19 පශ්චාත් ආර්ථික ප්‍රකෘතිමත් වීම ලොව පුරා වර්ධනය වීමට පටන් ගැනීමෙන් පසුව, ආර්ථික ප්‍රකෘතියට අවශ්‍ය තල්ලුව චීන ආර්ථිකයට ජනනය කළ හැකි බවටයි අනුමාන කෙරුණේ.
2008/09 මූල්‍ය අර්බුදයෙන් පසු චීනයේ දැවැන්ත උත්තේජනය ගෝලීය ආර්ථිකයට උපකාර වීම ඊට හේතුවයි.
එහෙත් චීනයේ ආර්ථික වර්ධනය ගෝලීය ආර්ථික ප්‍රකෘතියට උපකාරී වන තරම් යහපත් තත්ත්වයක නොතිබීම නිසා මෙම අපේක්ෂාවන් බොඳ වී යාමට පටන් ගෙන තිබෙනවා.
චීනයේ නිහඬ වූ ආර්ථික ප්‍රබෝධය සහ මහා පරිමාණ උත්තේජක යෙදවීමට ඇති අකමැත්ත, භාණ්ඩ මිලට බලපෑම් කරමින් සහ කොටස් වෙලඳපොලවල් දුර්වල කරමින් ලොව පුරා දෝංකාර දෙමින් තිබෙනවා.
චීනයේ ආර්ථිකය වසරින් වසර සියයට 4.5 කින් ප්‍රසාරණය වූ අතර ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව, චීනයේ දළ දේශීය නිෂ්පාදිතය 2023 ජනවාරි-මාර්තු කාර්තුවේ කාර්තුවෙන් කාර්තුවේ පදනම මත 2.2% කින් වර්ධනය වී තිබෙනවා.
ලෝකයේ වර්ධන අපේක්ෂාවන් වැඩිදියුණු කිරීම සඳහා ලෝකයේ අනෙකුත් නැඟී එන ආර්ථිකයන් සමඟ වැඩි වැඩියෙන් සහයෝගයෙන් කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව තිබෙනවා. නිදසුනක් වශයෙන්, ප්‍රමුඛ නැගී එන ආර්ථිකයක් වන ඉන්දියාව, ලෝක ආර්ථිකයේ දීප්තිමත් ස්ථානයක පවතින අතර, ඔවුන් 2023 දී ගෝලීය වර්ධනයෙන් සියයට 15 ක දායකත්වයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරනවා.
IMF හි නවතම World Economic Outlook වාර්තාවට අනුව, ඉන්දියාව ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය වන අතර එය වත්මන් මූල්‍ය වර්ෂයේදී සියයට 5.9 කින් වර්ධනය වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles