චීන කතුන්ට සම තැන නැතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්

0
375

චීනයේ ඉහළ පෙළේ රාජ්‍ය තනතුරුවල කාන්තාවන් නොමැතිවීම පිළිබඳ අවධානය යොමු කරන කාන්තාවන්ට එරෙහි වෙනස් කොට සැලකීම තුරන් කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව ස්ත්‍රී පුරුෂ සමානාත්මතා ක්‍රමයක් අනුගමනය කිරීමට චීනයට නිර්දේශ කර තිබේ.

කෙසේවෙතත් දේශපාලන හා පොදු කටයුතුවලදී චීනයේ කාන්තා නියෝජනය වැඩි වී ඇති බව එම කමිටුව පිළිගෙන ඇත.

එසේ වුවත් 14 වැනි ජාතික මහජන කොංග්‍රසයේ කාන්තා නියෝජනය සියයට 26.54ක් පමණක් වීම හේතුවෙන් කනස්සල්ලට පත් වන බව එම කමිටුව පෙන්වා දෙයි.

විශේෂයෙන් තීරණ ගැනීමේ මට්ටම්වලදී අධිකරණ හා විදේශ සේවය ඇතුළු සියලුම රජයේ කාර්‍යාංශවල කාන්තාවන් සංඛ්‍යාව වැඩි කරන ලෙස ඔවුන් චීනයෙන් ඉල්ලා සිටී.

වසර 20කට පසු පළමු වරට චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් 24 දෙනා අතරට මෙවර කාන්තාවන් ඇතුළත් වී නොමැත.

දේශපාලන මණ්ඩලයේ ස්ථාවර කමිටුවේ සාමාජිකයින් හත් දෙනා අතර කාන්තාවන් නොමැති බවයි කාන්තාවන්ට එරෙහි වෙනස් කොට සැලකීම තුරන් කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here