Tuesday, September 24, 2024

රුසියාවට ජිහාඩ් ප්‍රහාරයක්

රුසියාව තුළ ජිහාඩ් ප්‍රහාර සිදුකරන ලෙස සිය සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින බව යූටියුබ් ජාලය වෙත යොමුකළ ප්‍රචාරක වීඩියෝවකින් IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් ඉල්ලා ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.

රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින් ඉලක්ක කරමින් ඔහුට තර්ජනය කරන එම වීඩියෝව, තම ජිහාඩ් ත්‍රස්තයන් රුසියාව වෙත පැමිණෙන බවත්, රුසියානු භූමියේදීම ඔහුව ඝාතනය කරන බවත් පවසයි.

එහිදී, සිය සාමාජිකයන් වෙත විවෘත ආරාධනයක් කරන ඉස්ලාම් ත්‍රස්තයන් ජිහාඩ් වපුරමින්, රුසියානුවන්ට එරෙහිව සටන් වදින ලෙසත්, ඔවුන් මරා දමන ලෙසත් මෙම වීඩියෝවෙන් ඉල්ලා සිටී.

මෙම වීඩියෝවේ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් හා සම්බන්ධ ටෙලිග්‍රෑම් පණිවුඩ ගිණුමක් හරහා පැමිණි වීඩියෝවක දසුන්ද දැකිය හැකි වුවත්, මේ පිළිබඳ තවදුරටත් තොරතුරු අනාවරණය කරගනිමින් සිටින බව කියයි.

ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ සන්ධානය මෙන්ම, සිරියාව විසින් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ට එරෙහිව සිදුකරන මෙහෙයුමට ප්‍රබල දායකත්වයක් රුසියාව විසින් ලබාදීමද මෙවැනි තර්ජනයක් රුසියාව වෙත එල්ල වීමට හේතු විය හැකි බව කියයි.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles