සතොස වසා දමයි!

0
378

සතොස වසා දමා එහි දේපළ හා වත්කම් ලංකා සතොසට පැවරීමට සූදානමක් ඇති බව වාර්තා වෙයි.

වසර ගණනාවක් තිස්සේ දිගින් දිගටම සතොස ආයතන පාඩු ලැබීම හේතුවෙන් මේ ගැන අවධානය යොමු කර ඇත.

ආයතනය ඈවර කරන්නේද නැද්ද යන්න පිළිබඳව මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කියාසිටියි.

ආයතනය ඈවර කළහොත් එහි සේවකයන් සම්බන්ධයෙන් ද තීරණයක් ගැනීමට කම්කරු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරන බව ද ඇමැතිවරයා පැවැසීය.

මෙම ආයතනය වසර 20ක පමණ කාලයක් සිට රුපියල් බිලියන ගණනක පාඩුවක් ලබන බවත් ඔහු පෙන්වා දෙයි.

එනිසා මෙය තවදුරටත් පවත්වාගෙන යාම රජයට කිසිදු ලාබයක් නැති නිසා අවසන් තීරණය මුදල් අමාත්‍යංශය විසින් ලබා ගනු ඇති බවත් ඇමතිවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here