අඩු මිලට ඉන්දියාවෙන් බිත්තර ගෙන්වීම දිගටම…

0
512

ඉන්දියාවෙන් දිනකට බිත්තර ලක්ෂ දහය බැගින් ආනයනය කර සාර්ථක ලෙස බෙදා හරින බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.

ඉන්දියාවේ කුකුළු ගොවිපළ පහකින් දිනකට ගෙන් වනු ලබන මෙම බිත්තර තොග හෝටල්, බේකරිවලට මෙන්ම කුඩා ආපනශාලාවලට හා බිත්තර ආශ්‍රිත කෑම වර්ග නිෂ්පාදනය කරන වෙළද ආයතනවලට ද බෙදා හරින බව ද ඒ මහතා කීය.

මෙවර කුඩා ආපනශාලාවලට මෙන්ම බිත්තර ආශ්‍රිත කෑම වර්ග නිෂ්පාදනය කරන වෙළෙද ආයතනවලට රට බිත්තර ලබා දෙනු ලබන්නේ සිල්ලර වෙළදාම සඳහා බිත්තර විකිණීම තහනම් යන කොන්දේසි මත බව ද ඔහු කීහ.

මීට පෙර ඉන්දියාවේ බිත්තර රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් බෙදා හරිනු ලැබුවත් මෙවර ඉන්දියාවේ කුකුළු ගොවිපළ පහකින් ආනයනය කරන බිත්තර තොග රට පුරා බෙදා හැරීමට නියෝජිතයන් කීප දෙනකු පත් කර ඇති බවත් සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here