ටයිටේනියානුවෝ අවසන් ගමන් ගොස් ඇති බව OCEANGATE නිවේදනය කරයි…

0
1089

අතුරුදන් වූ සංචාරක සබ්මැරීනයේ ගමන් ගත් සියලු දෙනා මියගොස් ඇති බවට විශ්වාස කරන බව එම සබ්මැරීනය අයත් OceanGate සමාගම නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව එහි ප්‍රධාන විධායක නිලධාරී ස්ටොක්ටන් රෂ්, ෂාසාඩා ඩාවුඩ් සහ ඔහුගේ පුත් සුලේමන් ඩාවුඩ්, හමිෂ් හාඩින් සහ පෝල්-හෙන්රි නර්ජොලට් මෙලෙස මියගොස් ඇති බවට විශ්වාස කරන බවයි එම සමාගම සඳහන් කරන්නේ.

අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ පිළිබඳ අනාවරණ කළා. ඔවුන්ට සම්බැරීනයේ පසුපස කොටසක් හමුව ඇතිබවත්, ඒ අනුව සබ්මැරීනය යම් පිපිරීමකට ලක්ව ඇතිබවත් ඔවුන් විශ්වාස කරනවා.

එසේම ඇමෙරිකානු වෙරළාරක්ෂක බලකාය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ අදාළ ටයිටන් සබ්මැරීනය සෙවීමේ දැවැන්ත මෙහෙයුම් කටයුතු මේ වන විට අවසන් කර ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here