පාකිස්තානයට එරෙහිව කාශ්මීර වැසියන් ජිනීවා හි විරෝධතාවක

0
260

එක්සත් කාශ්මීර මහජන ජාතික පක්ෂය (UKPNP) ඉඩම් කොල්ලකෑම්, කාශ්මීරයේ දේශපාලනඥයින්ට හිරිහැර කිරීමට එරෙහිව ජිනීවා හි දී විරෝධතාවක නිරත විය.
පාක්ෂිකයින් විරෝධතා අතරතුර ඉල්ලා සිටියේ හිරිහැර කිරීම් සහ වධහිංසා පැමිණවීම නතර කරන ලෙසයි.
මෑතකදී, UKPNP සංදේශයක් මගින් දැනට සිදුකරන නීතිවිරෝධී ඉඩම් කොල්ලකෑම්, පිළිබඳ අවධානය යොමු කරන ලදී.
මෑත වාර්තා වලට අනුව, පාකිස්තාන පාලනය යටතේ පවතින කාශ්මීරයේ බොහෝ ප්‍රදේශවල නීතිවිරෝධී ඉඩම් අත්පත් කර ගැනීම් ඉහළ ගොස් ඇති අතර එහි විවිධ ඉදිකිරීම් හේතුවෙන් සංවේදී පරිසර පද්ධතියට ආපසු හැරවිය නොහැකි විනාශයක් සිදු වෙමින් ඇති බවයි.
එමෙන්ම එම ප්‍රදේශවල දේශපාලන ක්‍රියාකාරීන් බිය ගැන්වීම සහ ඔවුන්ට හිරිහැර කිරීමේ සිද්ධීන් සිග්‍රයෙන් ඉහළ යමින් තිබීම සම්බන්ධයෙන් ද UKPNP වැඩි අවධානයක් යොමු කරන ලෙස ඉල්ලා සිටී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here