Tuesday, September 24, 2024

ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්

ලෝකයේ අංක එකේ ටෙස්ට් කණ්ඩායම පිට පිටම ටෙස්ට් තරග දෙකකදි පරාජය කරමින් ප්‍රභල ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව චෛතිහාසික ටෙස්ට් තරග ජයක් ලැබිමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (06දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී සමත්විය.

ඔස්ට්‍රේලියා කණ්ඩායමකට එරෙහිව ශ්‍රී ලංකාව ලබාගත් තෙවැනි ජයග්‍රහණය මෙය වෙයි.තරගයේ ජයග්‍රහණයත් සමගින් වෝන් – මුරලි ටෙස්ට් කුසලානය තමන් යටතට ගැනිමටත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

 


ඔස්ට්‍රේලිියාවට එරෙහිව අඛණ්ඩව ලැබිමට නියමිත සිය දෙවැනි ටෙස්ට් තරගය අභියස සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ඒ සඳහා  ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ බිද හෙළිය යුතු කඩුලු සංඛ්‍යාව දෙකකි.

ලකුණු 412ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටින ඔස්ට්‍රේලියා කණ්ඩායම මේ වන කඩුලු අටකට රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 164කි. තවත් ලකුණු 249ක ් ඔවුන්ගේ ජයග්‍රහණය සඳහා අවැසි වෙයි.


ඔස්ට්‍රේලියා කණ්ඩායම එරෙහිව සය දෙවැනි ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය වාර්තා කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම තවත් අවශ්‍ය ඇත්තේ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ කඩුලු පහක් පමණි.

1999 වසරේදි ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වරට ශ්‍රී ලංකාවේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම පරාජය කළ අතර තරග තුනකින් සමන්විත එම තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබුවේ 1-0ක් වශයෙනි.

ඒ අනුව ඔස්ට්‍රේලියාව පිට පිටම තරග දෙකකදී පරාජය කරමින් මෙම තරගාවලියේ ජයග්‍රහණය ලැබිම සඳහා ආසන්න අවස්ථාවට ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණ තිබේ.

ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා ඔස්ට්‍රේලියාව තවත් ලකුණු 325ක් අවශ්‍ය අතර එය ඉතාමත් අපහසු ඉලක්කයකි.

ලකුණු 412ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටින ඔස්ට්‍රේලියා කණ්ඩායම මේ වන විට ලකුණු 88ක් රැස්කරගෙන තිබෙන්නේ කඩුලු පහක් වැයකරමිනි.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles