නව අයවැයට පකිස්ථානය අපේක්ෂා කරන අයුරින් චීන සහාය ලැබෙයිද ?

0
336

උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින පකිස්ථානය පසුගියදා පාකිස්තානු රුපියල් ට්‍රිලියන 14.5ක (USD බිලියන 50) ඇස්තමේන්තුවක් සමග අයවැය ඉදිරිපත් කළා.
ඒ ණය ආපසු ගෙවීම පැහැර හැරීමේ වැඩිවන අවදානමද නොතකමින්.
කෙසේ වෙතත් අයවැයෙහි වැඩි ප්‍රමාණයක් ආවරණය කර කර ගැනීමට නියමිතව ඇත්තේ මුදල් ණයට ගැනීමෙන් බවයි Nikkei Asia වාර්තා කළේ.
මෙම අයවැය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් තීරණාත්මක සහයක් ලබා ගැනීමට ප්‍රමාණවත් නොවනු ඇති බවට විශේෂඥයින් සහ නිලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.
එක් තීරයක් එක් මාවතක් මුල පිරුම යටතේ චීනය අතීතයේ දී පකිස්ථානයට ඩොලර් බිලියන 50ක ආධාර කිරීමට පොරොන්දු වී තිබූ අතර, එය ආර්ථික අර්බුදය “ස්ථාවර” කරනු ඇති බවටයි මත පළ වුණේ.
ඒ සම්බන්ධයෙන් ද චීනයෙන් ලැබුණේ පාකිස්ථානය බලාපොරොත්තු වූ තරම් සුබවාදී ප්‍රතිචාරයක් නොවේ.
දැනට ද ණය විසඳුම් සඳහා පකිස්ථානයේ ඉල්ලීමට චීනය එකඟ වන බවට කිසිදු ඇඟවීමක් දක්වා නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here