KBF ඇරඹේ!

0
598

KANDY BOOK FAIR අද සිට ලබන ඉරිදා දක්වා පැවැත්වෙන අතර පාඨකයින්ට වඩා සාධාරණ මුදලකට මුල් ප්‍රකාශන ආයතන රැසකින් පොත් මිලයට ගැනීමේ අවකාශ සැලසෙනවා.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සංවිධාන කරන සෙංකඩගල මහා පොත් මංගල්‍යය ‘මහනුවර පොත් දැක්ම 2023’ අදින් ආරම්භ වනවා. 


ඒ, කැන්ඩි සිටි සෙන්ටර් (KCC) හිදීයි. අද සිට ජූලි 02 වන දින දක්වා උදෑසන 09 සිට රාත්‍රී 7 තෙක් එම පොත් ප්‍රදර්ශනය පැවැත්වෙනවා.

සමන්ත ඉන්දීවර මහතාගේ සභාපතිත්වයෙන් යුතු පොත් ප්‍රකාශන සංගමයේ විධායක සාමාජික කමිටුව මෙවරත් එය සංවිධානය කරන අතර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පෙර දැක්මක් ලෙස මෙය සලකනු ලබනවා

පාඨකයින්ට පැතුරුණු විෂයයන් සහ ක්ෂේත්‍ර යටතේ නවකථා, කෙටිකතා, පරිවර්තන, කවි, අධ්‍යාපනික සහ ශාස්ත්‍රීය ග්‍රන්ථ රැසක් 20%-40% දක්වා වන වට්ටම් යටතේ ලබා ගත හැකිවනු ඇතැයි එහි සාමාජිකයන් දන්වා තිබෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here