Tuesday, September 24, 2024

කකුල කපන්න වෙලා – රෝශාන් රණසිංහට නඩු

කළුතර   වාද්දූවේ ප්‍රදේශයේ පිහිටි පොළොන්නරුව දිස්ත්‍රීක් මන්ත්‍රී රෝශාන් රණසිංහට අයත් රථවාහන අලෙවි කරණ ස්ථානක අවශ්‍යතා සඳහා යොදවා තිබූ ‍ෆෝක්ලිෆ්ට් යන්ත්‍රයක් හසුරවමින් සිටි පුද්ගලයාට එය පාලනය කරගැනීමට නොහැකිව කාන්තාවකගේ ඇඟේ හැපී ඇති අතර මේ වනවිට කොළඹ ජාතික රෝහලේ වෛද්‍යප්‍රතිකාර ලබන ඇයගේ පාදය කපා ඉවත් කළ යුතු බව වෛද්‍යවරුන් පවසා තිබේ.

එම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලීසිල් නිලධාරීන්ට රෝහල් පොලීසය මගින් මේ බව දන්වා ඇති අතර අනතුරට පත් වූ ‍ෆෝක්ලිෆ්ට් යන්ත්‍රය රියදුරු සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

එවැනි යන්ත්‍රයක් පැදවීමට ඔහුට සුදුකම් නොතිබියදී එවැන්නකු සේවයට යොදවා ගැනීම සම්බන්ධයෙන් එම ව්‍යාපාරික ආයතනයේ හිමිකරුවා වන මන්ත්‍රී රෝශාන් රණසිංහට  එරෙහිව නඩු පවරන බව පොලිසිය සඳහන් කරයි.

මෙම මන්ත්‍රීවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරණ මන්ත්‍රීවරයෙකු වන අතර මේ වනවිට ඔහු මහින්ද රාජපක්ෂ පිල නියෝජනය කරමින් කටයුතු කරයි.

පසුගියදා පැවති මහින්ද පිලේ පාගමනේදී මෙම මන්ත්‍රීවරයාදට තවත් මන්ත්‍රීවරයෙකුගේ රථයකට යටවීමෙන් ඔහුගේ පාදයක් අනතුරකට ලක් විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles