මට දෙමළ තේරෙනව හලෝ…!

0
410

ප්‍රංශයේදී දෙමළ සමාජ ක්‍රියාකාරිකයෙක් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉංග්‍රීසියෙන් ප්‍රශ්නයක් ඇසීමට ගොස් අසීරුතාවට පත්වන බවට පෙනුණු විට එම ප්‍රශ්නය දෙමළ භාෂාවෙන් අසන ලෙස ජනාධිපතිවරයා ඔහුගෙන් ඉල්ලා ඇත.

ඔහු කියන්නට උත්සාහ කරන දේ තමාට නොතේරෙන බව මෙන්ම ඉංග්‍රීසි නොදන්නේ නම් දෙමළ භාෂාවෙන් කතා කරන ලෙසත් ජනාධිපතිවරයා ඔහුට පවසා තිබේ.

තමා දෙමළ දන්නා බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

එම ක්‍රියාකාරිකයා ප්‍රංශයේ පැවති උත්සවයකදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ, වෙනත් කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට පෙර ශ්‍රී ලංකාවේ මානුෂීය ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙසය.

ශ්‍රී ලංකා රජය ප්‍රජාතන්ත්‍රවාදී යැයි තමන් විශ්වාස නොකරන බව ද ඔහු සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here