උසස් පෙළ S3 ක්ද? උපාධියක් කරමුද?

0
986

රජයේ අනුමත පුද්ගලික විශ්වවිද්‍යාලවල උපාධිය හැදෑරීම සඳහා පොලී රහිත ණය ලබා ගැනීමට උසස් පෙළ හැදෑරූ සිසුන්ට අද (04) සිට අයදුම්පත් යොමුකළ හැකි වේ.

2019, 2020 සහ 2021 වසරවලදී උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඒ සඳහා ඉල්ලුම්පත් යොමුකළ හැකිය.

ඒ අනුව www.studentloans.mohe.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් අගෝස්තු 07 වන දින දක්වා අයදුම්පත් යොමුකළ හැකිය.

එකවර විෂයන් තුනකින් සමත්ව තිබීම, සාමාන්‍ය දැනුම ප්‍රශ්න පත්‍රය සඳහා අවම ලකුණු 30ක් ලබාගැනීම සහ උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ ඉංග්‍රීසී විෂයට සාමාර්ථයක් ලබා තිබීම අවම සුදුසුකම් බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

සිසුන් 5,000ක් සඳහා ණය මුදල් ලබාදීමට නියමිත අතර ගෙවීම සඳහා වසර 07ක හෝ 08ක කාලයක් ලබාදීමට නියමිතය.

උපරිම ලක්ෂ 08ක මුදලක් ණය වශයෙන් ලබාගත හැකි අතර ඒ සඳහා වන පොලිය රජය මඟින් දැරීමට තීරණය කර තිබේ.

අනුමත විශ්වවිද්‍යාලවලින් වසර 03 හෝ වසර 04 උපාධි පාඨමාලා හැදැරිය හැකි බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here