Tuesday, September 24, 2024

මොබිටෙල් කෑෂ් බොනැන්සා 6 වැනි ජයග්‍රාහකයාට මොන්ටේරෝ රථයක්

ජාතික ජංගම දුරකථන සේවා ජාලය වන SLTමොබිටෙල් හඳුන්වා දුන් කෑෂ් බොනැන්සා සුපිරි මොන්ටේරෝ වාසි 2016 වැඩසටහන ශීඝ්‍රයෙන් ජනතාව අතර ප්‍රසාදයට මෙන්ම ප්‍රසිද්ධියට පත් වෙමින් පවතී. පාරිභෝගිකයන්ට රු. ලක්ෂ 3500 ක් තරම් සුවිශාල තෑගි පිරිනමන මෙම වැඩසටහන මගින් දිනපතා හා මාස්පතා ජයග්‍රාහකයන් බිහිකරන අතර මේ වන විට රු. මිලියන 25 කට වැඩි වටිනාකමකින් යුත් සුඛෝපභෝගී මිට්ෂුබිෂී මොන්ටේරෝ රථ 5කට හිමිකම් කීමට වාසනාවන්ත ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් 5 දෙනෙකු මින් පෙර සමත් විය. එම වාසනාවන්තයන් වන්නේ අම්බලන්තොට පදිංචි එන්. ජී. ශානිකා ශ්‍රීමාලි, වාරිය‍පොළ පදිංචි ජේ. එම්. තුෂාන්ත ජයලත්, බඩල්කුඹුරේ පදිංචි ආර්. එම්. රොෂාන් ප්‍රියදර්ශන, නිට්ටඹුව පදිංචි ආර්. එම්. බි. පී. පී. කුමාරි මහත්මිය සහ තණමල්විල ප්‍රදේශයේ පදිංචි පී. ඒ. කුසුමාවතී මහත්මිය යන අයයි.
6 වන මොන්ටේරෝ රථයද හිමිකර ගැනීමට තවත් වාසනාවන්තයෙක් සමත්ව ඇති අතර ඒ පදවි ශ්‍රී තිස්සපුර පදිංචි ආර්. ඩී. නිමල් ජයසිංහ මහතාය.
ජුනි මාසයේ කෑෂ් බොනැන්සා ත්‍යාග ප්‍රදානෝත්සවය මොරටුව සොයිසාපුර ක්‍රීඩාංගණයේදී පැවැති අතර “ලයින් වන්” සංගීත කණ්ඩායම සමග දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන් සහභාගි වූ සංගීත ප්‍රසංගයක්ද ඒ හා සමගාමීව පැවැත්විණි. මෙම ත්‍යාග ප්‍රදානෝත්සවයේදී 6 වැනි සුඛෝපභෝගී මොන්ටේරෝ රථයට හිමිකම් කීමේ වාසනාව උදාකරගත් පදවි ශ්‍රී තිස්සපුර පදිංචි ආර්. ඩී. නිමල් ජයසිංහ මහතාට හිමි මොන්ටේරෝ රථය SLT මොබිටෙල් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි නලින් පෙරේරා මහතා විසින් ප්‍රදානය කරන ලදී. මේ අනුව මොබිටෙල්  කෑෂ් බොනැන්සා යටතේ  සුඛෝපභෝගී මොන්ටේරෝ රථ හිමිකරගත් වාසනාවන්ත ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව 6ක් බවට පත් වූ අතර ඉදිරි මාසයන්හිදී තවත් මිට්ෂුබිෂී මොන්ටේරෝ රථ 6ක් ජයග්‍රහණය කිරීමේ වාසනාව මොබිටෙල් පාරිභෝගිකයන්ට උදාවේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles