රාමනායක, රට බැබළෙයි!

0
304

තායිලන්තයේ පැවැත්වෙන 25 වන ආසියානු ශූරතා මළල ක්‍රීඩා ශූරතාවලියේදී නදීශා රාමනායක ඊයේ ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන්නා.

ඒ, මීටර් 400 කාන්තා ධාවන ඉසව්වෙන්.

ඇය තරගය නිම කළේ තත්ත්පර 52 යි දශම 6 යි 1 කින්.

එය මීටර් 400 කාන්තා ඉසව්වේදී නදීශා රාමනායක දැක්වූ පෞද්ගලික හොඳම දක්ෂතාවයයි.

කෙසේවෙතත් මීටර් 400 පිරිමි ධාවන ඉසව්වට එක්වූ අරුණ දර්ශනට සහ රාජික රාජකරුණාට එම ඉසව්වෙන් හිමිවූයේ 07 වන සහ 08 වන ස්ථානයයි. 

මේ අතර ප්‍රංශයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මළල ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමිත දුලාන් සමත්වුණා.

ඒ, මීටර් 64 යි දශම 0 යි 6 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here