පළමු ශ්‍රේණියට බබාව ඇතුළත් කරන්න!

0
475

2024 වසර සඳහා රජයේ පාසල්වල පළමු වන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සඳහා වන උපදෙස් මාලාව සහ ආදර්ශ අයදුම්පත්‍රය අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ලබන වසරේ පාසල්වල 01 ශ්‍රේණිය සඳහා ඇතුළත් කළ යුතු දරුවන්ගේ ම්වපියන් හෝ භාරකරුවන් අදාළ ආදර්ශ ආකෘති පත්‍රයට අනුව සකස් කළ අයදුම්පත් අදාළ සියලු ම ලේඛන සමග තමන්ට අදාළ වන පාසල්වල ප්‍රධානීන් වෙත 2023 අගෝස්තු 18ට ප්‍රථම ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

ඊට අදාළ සියලු ම සුදුසුකම් 2023 ජුනි 30 දිනට වලංගු වන පරිදි සපුරාලිය යුතු බව ද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා.  

අදාළ උපදෙස් සහ අයදුම් පත්‍රය  http://www.moe.gov.lk යන වෙබ් අඩවිය ඔස්සේ බාගත කළ හැකියි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here