කාලගුණය හරස්වීමෙන් චීනය ආහාර සුරක්ෂිතතා අර්බුද අවදානමක

0
321

පහත වැටෙන ආර්ථිකය චීනයේ ප්‍රධාන ප්‍රශ්නවලින් එකක් ලෙස දිගටම පවතින අතර දැන් එහි ආන්තික කාලගුණික තත්ත්වයන් ආහාර සුරක්ෂිතතා අර්බුදයේ දොරටුව විවෘත කළ හැකි බව විශේෂඥයින් අනතුරු අඟවයි.
චීනයේ කාලගුණ විද්‍යා බලධාරීන් අනාවැකි පළ කර තිබුණේ ඉදිරි සති කිහිපය තුළ මාරාන්තික එල් නිනෝ එය ග්‍රහණය කර ගන්නා බවත් මාස කිහිපයකින් දකුණු ප්‍රදේශයේ ගංවතුර සහ උතුරේ නියඟය නැවත ඇති විය හැකි බවයි.
මෑත අධ්‍යයනයක දී, Nature Food ප්‍රකාශ කළේ චීනයේ ආන්තික කාලගුණික තත්ත්වයන් හේතුවෙන්, පසුගිය දශක දෙක තුළ චීනයේ මුළු සහල් අස්වැන්නෙන් දොළහෙන් එකක් පහත වැටී ඇති බවයි.
මෑතකදී, එක්සත් ජනපද බලධාරින් නිවේදනය කළේ එල්නිනෝ බලපෑම මාස 8 සිට 10 දක්වා පැවතිය හැකි බවයි.
මැයි මස අවසන් සතියේ දී චීනයේ හදිසි කළමනාකරණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවූයේ, රටේ වැඩිම ධාන්‍ය නිපදවන ‍ඊසානදිග සහ උතුරු ප්‍රදේශවලට ජුනි සිට අගෝස්තු දක්වා අධික වර්ෂාව, ගංවතුර සහ හිම කැට වර්ෂා ඇති විය හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here