Tuesday, September 24, 2024

“පාද යාත්‍රා ගියේ දුෂණ වංචා වහගන්න”

“මේ පාද යාත්‍රාවේ ගිය මිනිසුන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනු වෙන් ගිය ගමන් විධියට අපි හිතන්නේ නැහැ. මේ ගියේ දුෂණ වංචා වහ ගෙන සිය ජිවිතය ආරක්ෂා කර ගැනීමේ අවසාන මෙහෙයුම විධියට තමයි මේ ගියේ.මේ සුජාතභාවය ආරක්ෂා කර ගැනීම තමයි මේ උත්සාහ ගන්නේ.  දැනට මේ සියලුම දෙනා ගැන විමර්ශන පටන් ගෙන තියෙන්නේ. ඒ නිසා මෙය අත්හරින්න තමයි මේ ලෑස්තිවෙන්නේ. මේ නිසා ජනතාව මෙය ඉතා හොඳින් තේරුම් ගත යුතුව පවතිනවා.දැන් එක්කෙනා එක්කෙනා ඇතුළට යනව විට මෙය බලා ඉන්න බැරි ගැටළුව තියෙන්නේ යැයි සාධාරන සමාජයක් සදහා පුරවැසි හඩ එය සංවිධානය සම කැදම්කරු චන්ද්‍රෙස්න විජේසිංහ මහතා පැවැසිය.
එතුමා මේ අදහස් පැවැසුවේ  වත්මන් ආණ්ඩුකරණය තුළ ජනතා අපේක්ෂාවන් දිනා ගත හැක්කේ කෙසේද යන මැයෙන් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ගේ නිදහස් කථිකාව මාතර ප්‍රධාන තැපැල් කාර්යාලයීය ශ්‍රවනාගාරයේ දී පැවැති අවස්ථාවේ ප්‍රධාන දේශනයට එක්වෙමිනි.
වැඩිදුරටත් කතා කරමින් එතුමා
“දුෂණ විමර්ශන නිලධාරින් බිය වැද්දිම සඳහා පාගම් යොදා ගෙන තියෙන්නේ. එහෙම නැතිව පාගමේ ජනතාවට දිනා දුන්නු දෙයක් නැහැ. අපිත් පාගම් ගාල්ලෙන් ,කොළඹට ආවා . අපි ඒ ආණ්ඩු පෙරළා දැම්මා. මේ තුළින් අපි අරමුණක් දිනා ගත්තා .නමුත් අද  මේකෙන් මොකක් ද ලැබුණේ.  අපි යන විට  ගොඩාත් දෙනා  එකතු වුනා. මහ පාරේ සන්ධානයක් ගොඩනැගිලා එක්සත් ජනතා නිදහස් සන්ධාන බිහි වෙලා දේශපාලන පෙරළියක් ඇති වුනේ. පාගමන් යන්න ඕන දෙනෙකුට අවසර දෙන්න ඕන එය ප්‍රජාතන්ත්‍රවාදි රටක ලක්ෂයක් ඒ නිසා මේවායෙන් බියට පත් විය යුතු නැහැ.මේවා යන්න ඕන  නමුත් මෙහි අරමුණ මිනිසුන්ගේ පොදු මහජනතාවගේ අරමුණ නොවේ.මේ එක්තර සිරබත් කෑම නතර කිරීමට උත්සාහ දැරූ පංතියක උත්සාහය මිස වෙන දෙයක් නොවේ. මේවා පුහු වෙඩිල්ලක් මිස මේවාට සමාජය බිය විය යුතු නැහැ. අපි හැම දෙනාගේම අදහස තමයි ලැබුණු නිදහස ආරක්ෂා කර ගෙන ඉදිරිය යන්න ඕන කියන කාරණය එහෙම නැතිව රටක් විධියට ඉදිරියට යෑම නොහැකි වෙනාව යැයි ඔහු පැවැසි.
කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳව අධ්‍යනාංශයේ  ජේෂ්ඨ කථිකාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා
“බොහෝ විට අපි පාන් ගන්න විට හොඳින් හොයලා බලානේ ගන්නේ නමුත් කිසිම සෞඛ්‍ය සම්පන්නභාවයක් නැති ,ගුණාත්මකභාවයක් නැති,පිරිසිදුභාවයක් නැති බේකරියක් වගේ තමයි සයිටම් කියන්නේ.විශ්ව විද්‍යාල කොමිසම් සභාවේ හෝ වෛද්‍ය සභාවේ කිසිම අනුමැතියක් නැති ව තමයි මෙය කර ගෙන යන්නේ.මෙය බි.ඔ.අයි.ව්‍යපෘතියක් වශයෙන් තමයි පවතින්නේ. ඒ වගේම මෙයාලට ශික්ෂණ රෝහලක්වත් නැතිව තමයි මෙය ආරම්භ කළේ පස්සේ මෙයාලා කළේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල විධියට හදා ගන්නවා. මේයක ශික්ෂණ රෝහල ලෙසය දැම්මේ ඇහුවාම කියන්නේ.ශික්ෂණ කියන්නේ නම වශයෙන් තමයි කියන්නේ මේ තුළින් පැහැදිලිවම වංචාවක් සිදු වෙනවා .
“රෝහලක් වුනාම හැම රෝගින්ම ඉන්න ඕන නමුත් අපි අසනිපයක් වුනාම යන්නේ අපේ රෝහලට නේ
එහි හැම වර්ගයේම රෝගින් ඉන්නවා. කසාන ,හොරි ,දද ,කුෂ්ට ආදි සියලුම  රෝගි තත්ත්වයේ  ඇති රෝගින් අපට දැකගත හැකියාව ලැබෙනවා. මේ තුළින් තමයි    වෛද්‍යවරයෙක් පුහුණු කිරීමට හැකියාව ලැබෙන්නේ.නමුත් මේ පෞද්ගලික රෝහල්වල මිනිසුන් අනතුරක් වුනාම කෙලින්ම යනවා ද ඒ තුළින්  බිහිවන වෛද්‍යවරුන්ගේ තත්ත්වය අපිට හිතා ගන්න පුළුවන් වෙනවා. පහළ සමාජ පංතිවල ඇති ජනතාව ඔහුන් ඇති වන විශේෂිත රෝගාබාධාවල පෞද්ගලික රෝහල්වලට යයි ද එයයි මෙහි ඇති බැරෑරුම්ම තත්ත්වය විධියට අපිට දැනෙන්නේ.
“මේ රෝහල්වලට මිනිසුන් යන්නේ සැප ගන්න මිස වෙන දෙයක් වෙනු වෙන් නොවේ. මේ නිසා සැයිටම් එකට පෞද්ගලික විශ්ව විද්‍යාලවලට කැමැති වුනත් .මෙයට නම් කැමැති වෙන්න බැහැ.මෙය ඉතා හොඳින් තේරුම්ගත යුතු තත්ත්වයක් විධියට තමයි අපි හිතන්න ඕන අද වෙන විට මේ වෙළඳ ආර්ථිය ඇතුළේ විකිණෙනවා. නමුත් අපි මේ පරිභෝජනවාදි සමාජය ඇතුළේ හොඳම දේ නේ අපි ගන්නේ. පාන් ගෙඩියක් වුණොත් හොඳ නැති එකක් අහු වුණාම ඒ කඪෙට අපි යන්නේ නැහැනේ. ඒ නිසා අපි තේරුම් ගත යුතු තත්ත්වය විධියට  මුදලට විකුණන උපාධි කඩවල උපාධිය ගුණාත්මකභාව ගැන ප්‍රශ්නයක් තිබෙනවා යැයි ඔහු පැවැසිය.
මේ අවස්ථාවට හිටපු ධීවර අමාත්‍ය චන්ද්‍රසේන විජේසිංහ, හිටපු දකුණු පලාත් සභා මන්ත්‍රී සේන රත්නායක,සම කැදවුම්කරු පාලිත ලිහිණිය කුමාර යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වී සිටිති.
වත්මන් ආණ්ඩුකරණය තුළ ජනතා අපේක්ෂාවන් දිනා ගත හැක්කේ කෙසේද යන මැයෙන් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ගේ නිදහස් කථිකාව මේ වන විට මාතර ප්‍රධාන තැපැල් කාර්යාලයීය ශ්‍රවනාගාරයේ දී පැවැත්වේ.
සාධාරන සමාජයක් සදහා පුරවැසි හඩ එය සංවිධානය කර තිබේ.
ඒ සදහා දකුණු පලාත් සභා මන්ත්‍රී සේන රත්නායක,සම කැදවුම්කරු පාලිත ලිහිණිය කුමාර යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වී සිටිති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles