බලහත්කාරයෙන් ඉවත් කිරීමට එරෙහිව කරච්චි ජනතාව වීදි බසී

0
431

කරච්චි නගරයේ අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමේ වැඩපිළිවෙළෙට එරෙහිව එම ජනාතාව දැඩි විරෝධාතා ආරම්භ කර තිබේ.
පවතින මෝසම් වර්ෂා සමයේ තම හිසට වහළක් තිබීම මූලික මානව අයිතියක් බව ඔවුන් බලධාරීන්ට සිහි කැඳවයි.
Gujjar සහ Orangi Nullahs, Mujahid Colony, Karachi Circular Railway සහ අනෙකුත් ප්‍රදේශවල පදිංචිකරුවන් මෙලෙස ඉවත් කෙරමින් ඇති අතර එම ජනතාව විරෝධතා පවත්වමින් රජයෙන් ඉල්ලා සිටින්නේ ඔවුන් කඩිනමින් නැවත පදිංචි කරන ලෙසයි.
ඩෝන් පුවත්පතට අනුව, මෙම විරෝධතා සඳහා දහස් ගණන් ජනතාව එක්ව සිටිති.
ඔවුන්ගේ සමාජ සබඳතා, ආර්ථික හැකියාවන් සහ දරුවන්ගේ අධ්‍යාපනය පවත්වා ගැනීම සඳහා, නිවාස අහිමි වන පුද්ගලයින් ඔවුන්ගේ දිස්ත්‍රික්ක තුළම නැවත පදිංචි කළ යුතු බව ද කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here