ඉන්දීය හමුදා බලඇණියක් මොංගෝලියාවට

0
347

ඉන්දියාව සහ මොංගෝලියාව අතර ඒකාබද්ධ යුද අභ්‍යාසයක් වන ‘Nomadic Elephant 2023’සඳහා සහභාගී වීමට පුද්ගලයින් 43 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය හමුදා කණ්ඩායමක් මොංගෝලියාව වෙත පැමිණ සිටී.
ඉන්දියාව සහ මොංගෝලියාව අතර පැවැත්වෙන වාර්ෂික පුහුණු අභ්‍යාසයේ 15 අදියර මෙයයි.
ජුලි 17 ඇරඹි මෙම අභ්‍යාසය 31 දක්වා මොංගෝලියාවේ Ulaanbaatar හිදී පැවැත්වේ.
මොන්ගෝලියානු සන්නද්ධ හමුදා ඒකකයේ සෙබළුන් සහ ජම්මු සහ කාශ්මීර සැහැල්ලු පාබල රෙජිමේන්තුවේ ඉන්දියානු හමුදා සෙබළුන් මෙම අභ්‍යාසයට සහභාගී වේ.
මෙම අභ්‍යාසයේ අරමුණ වන්නේ ධනාත්මක හමුදා සබඳතා ගොඩනඟා ගැනීම, හොඳම භාවිතයන් හුවමාරු කර ගැනීම සහ යුධ හමුදා දෙක අතර අන්තර් ක්‍රියාකාරීත්වය, මිත්‍රත්වය වර්ධනය කිරීම බව ආරක්ෂක අමාත්‍යාංශයේ (MoD) නිවේදනයේ සඳහන් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here