පාකිස්ථාන ආරක්ෂක ඇමතිට කාන්තාවන්ගේ විරෝධය

0
324

පකිස්තානයේ ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) කාන්තා නායිකාවන්ට එරෙහිව ලිංගික හා අවමන් සහගත ප්‍රකාශ භාවිතා කිරීම සම්බන්ධයෙන් පාකිස්තානයේ කාන්තාවන් එරට ආරක්ෂක අමාත්‍ය ඛවාජා අසීෆ්ට දෝෂාරෝපණය කර ඇති අතර පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ සැසිවාරයකදී විරෝධතා දැක්වූහ.

හිටපු අගමැති ඉම්රාන් ඛාන් ගැන සඳහන් කරමින් ආරක්ෂක අමාත්‍ය අසීෆ් PTI කාන්තා නායිකාවන් සම්බන්ධයෙන් අවමන් සහගත ප්‍රකාශයක් කිරීමෙන් පසු මෙම විරෝධතාව පැවැත්විණි.

අසීෆ් සිය දේශනයේදී, “දූෂිත කාන්තාවන් නිර්මලත්වය පිළිබඳ දේශන නොපැවැත්විය යුතුය” යනුවෙන් පවසද්දී කාන්තාවක් ඔහුට ප්‍රතිචාර දක්වනු සැසියේ සජීවී විකාශනයේදී ඇසුණු බව ඩෝන් වාර්තා කළේය.

පීටීඅයි සාමාජිකයින් අසුන්ගෙන සිටි බංකු දෙසට ඇඟිල්ල දිගු කරමින් අසීෆ්, කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ඉම්රාන් ඛාන්ගේ “නටබුන්” ලෙස හැඳින්වූ බව පාකිස්තාන දිනපතා වාර්තා කරයි.

“PTI ප්‍රධානියා විසින් ඉතිරි කර ඇති කසළ පවිත්‍ර කළ යුතු” යැයි ඔහු තවදුරටත් පැවසීය.

ඒත් සමගින් PTI කාන්තා මන්ත්‍රීවරියන් තම අසුන්වලින් නැඟිට අසීෆ්ගේ වචන ආපසු ගන්නා ලෙස ඉල්ලා සිටියාය.

පීටීඅයි සාමාජික සර්කා සුහර්වර්ඩි තයිමූර් අසීෆ්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්, “මෙවැනි ජ්‍යෙෂ්ඨ දේශපාලන චරිත භාවිතා කරන භාෂාව ගැන මම කනස්සල්ලට පත්ව සිටිමි, එවැනි වචන මගේ නිවසේ කිසි දිනෙක මා අසා නැත.” යැයි පැවසීය.

ජාතික සභාවේ සෙසු මන්ත්‍රීවරුන් “කසළ” සහ “බිරීම” වැනි වචන භාවිතා කිරීම “කණගාටුදායක” බව ඇය පැවසුවාය.

PTI නිවේදනයක් නිකුත් කරමින් එම ප්‍රකාශ “අතිශයින්ම ලැජ්ජා සහගත” ලෙස හැඳින්වීය.

ඩෝන් පුවත්පතට අනුව, අසීෆ් මීට පෙර කිහිප වතාවක්ම කාන්තාවන්ට අපහාස කර ඇති අතර ඔහු අදහස් දැක්වූ පළමු අවස්ථාව මෙය නොවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here