උසස් පෙළ විභාග නීති උල්ලංඝණ පැමිණිලි 40ක්

0
339

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විභාග නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 40ක් ලැබී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

විභාග අපේක්ෂකයන් විසින් ප්‍රශ්න පත්‍ර පිටපත් කිරීම සම්බන්ධයෙන් එම පැමිණිලි ලැබී අතර එම පැමිණිලිවලට අදාළ ව පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

පසුගිය වසරේ ද  විභාග අක්‍රමිකතා සම්බන්ධයෙන් සිසුන් 150 දෙනෙකුගේ විභාග ප්‍රතිඵල අත්හිටුවීමට පියවර ගෙන ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here