උඩවලව සිඳේ! නියඟය ඇරඹේ….

0
345

වසර විස්සකට පසුව වලව කලාපයට  ඇතිවු දැඩි වියළි කාලගුණ තත්ත්වය නිසා වැසි නොලැබුණොත් උඩවලවේ ජලාශයෙන් තවදුරත් ජලය නිකුත් කිරිමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව උඩවලව සහ උමාඔය භාර නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, උඩවලව ජාලශය භාර කාර්යභාර ඉංජිනේරු, සුජීව ගුණසේකර මහතා ඊයේ (3)  සවස පැවසීය.

උඩවලව ජලාශයේ ජලමට්ටම අගොස්තු 03දා වනවිට 1.8% දක්වා අඩුවි ඇති බව පෙන්වාදුන් නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා ගොවීන්, පානීය ජලය ලබන සාමන්‍ය වැසියන් මෙන්ම උඩවලව ජාතික උද්‍යානයේ වන සතුන් ද දරුණු ජල ගැටලුවකට මුහුණ දෙන බව ද අවධාරණය කළේය.

‘උඩවලව ජලාශයේ ජලධාරිතාව අක්කර අඩි 3511කට වඩා අඩු මට්ටමකට ඇවිත්. මේ වනවිට (03දා) උඩවලව ජලාශයේ ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 75.5ක ප්‍රමාණයේ රැඳිලා තියෙන්නේ. තව දවස් දෙකකින් උඩවලව ජලාශයේ ජල මට්ටම අවම මට්ටමකට ඒවි කියලා විශ්වාස කරනවා. එහෙම වුනොත් ජලාශයේ ජලය නිකුත් කිරිමේ දී අවම පීඩන මට්ටමකට ඒවි. එහෙම වුණොත් විශාල ගැටලුවකට මුහුණ දෙනවා.’ නියොජ්‍ය අධ්‍යක්‍ෂ සූජීව ගුණසේකර මහතා සඳහන් කළේය.
– ලංකාදීප

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here