ගොවි හා ව්‍යාපාරික ගැටලු විසඳීමේ විශේෂ වැඩසටහන

0
415

දිස්ත්‍රික් මට්ටමින් ගොවි ජනතාවගේ සහ ව්‍යාපාරිකයන්ගේ ගැටලු විසඳීම සඳහා වන විශේෂ වැඩසටහන මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06දා) අනුරාධපුරේදී ආරම්භ කෙරිණි.

මූලිකව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් සමග විශේෂ හමුවක් පැවති අතර, එහිදී ව්‍යාපාරිකයන්ට බලපාන ගැටලු රැසක් සාකච්ඡාවට බඳුන් වී ඇත.

ඉන් අනතුරුව අනුරාධපුර විලච්චිය, කොක්කිච්චිය ප්‍රදේශයේ ගොවීන්ගේ ගැටලු පිළිබඳ සොයා බැලීම සඳහා එම ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින්, ගොවීන් සමග සාකච්ඡා කර ඔවුන්ගේ ගැටලු විසඳීම සඳහා කඩිනමින් කටයුතු කරන බවත් මුදල් අමාත්‍යවරයා පැවසූ බව මුදල් අමාත්‍යාංශය කියයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here