ආබාධිතවූවන්ගේ දීමනා වැඩි කිරීමට තීරණය කෙරේ..

0
346
disabled peoples
disabled peoples

ආබාධ සහිත තැනැත්තන්ගේ සුබසාධනය වෙනුවෙන් වෙන්කර තිබු මුදල් මෙම වර්ෂයේ සිට වැඩිකිරීමට තීරණය කළ බව සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් පවසනවා.

ඒ අනුව ආබාධිතවූවන්ගේ අධ්‍යාපන ආධාරය රුපියල් 10,000 සිට 20,000 දක්වා වැඩි කර ඇති අතර ස්වයං රැකියා ආධාරය රුපියල් 25,000 සිට 40,000 දක්වා ඉහළ දමා තිබෙනවා.

එසේම ආබාධිතවූවන්ගේ උපකරණ සඳහා දුන් රුපියල් 15,000 ආධාරය රුපියල් 35,000 දක්වා ඉහළ දමා ඇති අතර ආබාධිතවූවන්ගේ නිවාස ඉදිකිරීම් සඳහා දුන් 250,000 ආධාරය රුපියල් ලක්ෂ 05 දක්වා වැඩි කර ඇති බවයි සඳහන් වන්නේ.

ආබාධිතවූවන්ගේ නිවාස අලුත්වැඩියා කිරීමට දුන් රුපියල් 150,000 ආධාරය රුපියල් 250,000 දක්වා ඉහළ දමා ඇති අතර ආබාධිතවූවන්ට වැසිකිළි ඉදිකර ගැනීමට ලබාදෙන ආධාරය රුපියල් ලක්ෂය දක්වා වැඩි කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් වැඩිදුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here