අරාබි මුහුදේදී හෘදයාබාධයක් වැළඳුණු චීන නාවිකයෙක් මුදා ගැනේ

0
419

මුම්බායි ඔබ්බෙන් අරාබි මුහුදේ කිලෝමීටර් 200 ක් පමණ දුරින් පැනමා ධජය සහිතව යාත්‍රා කළ MV Dong Fang Kan Tan අංක 2 පර්යේෂණ නෞකාවේ සිටියදී හෘදයාබාධයක් වැළඳුණු චීන ජාතිකයෙකුගේ ජීවිතය බේරා ගැනීමට ඉන්දීය වෙරළාරක්ෂක බලකාය කටයුතු කර තිබේ.
අභියෝගාත්මක කාලගුණික තත්ත්වයන් සහ දැඩි අඳුරේ සිදු කළ මෙහෙයුම සම්බන්ධයෙන් ඉන්දියාවේ චීන තානාපති කාර්යාලය සිය ප්‍රශංසාව පළ කර තිබුණි.
මුම්බායි හි සමුද්‍ර ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට පසුගිය බදාදා තොරතුරුක් ලැබී තිබුණේ පර්යේෂණ යාත්‍රාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයෙකු හට හෘදයාබාධයක් වැළඳී ඇති බැවින් හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවයි.
චීනයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගමන් කරමින් තිබූ යාත්‍රාව සමඟ වහාම සන්නිවේදන කටයුතු ආරම්භ කරමින්, අවශ්‍ය වෛද්‍ය උපදෙස් කඩිනමින් ලබා දී තිබේ.
ඒ අතරතුර රෝගියා ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් හෙලිකොප්ටරයක් මගින් නෞකාවෙන් ඉවත් කර ගෙන ගුවන් මගින් රෝහල් ගත කිරීමට පියවර ගැණුනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here