Sunday, September 22, 2024

අධිකරණයටත් හොරෙන් අනුර සේනානායක රෝහල්ගතවෙලා

ප්‍රසිද්ධ රගර්ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේ දෙවැනි සැකකරුවන හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට හිටපු ක්‍රයිම් ඕඅයිසී සුමිත් චම්පික පෙරේරා ලබන 24 දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (10) නියෝග කර තිබේ.

අනුර සේනානායක මහතා උසාවියේ කිසිදු අවසරයකින් තොරව කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබන බවත් උසාවියේ අවසරයකින් තොරව එවැනි වාට්ටුවකට පැමිණියේ කෙසේදැයි සොයා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය ජාතික රෝහල් අධ්‍යක්ෂකට නියෝග කර ඇත.

එසේම  ඔහුගේ අසනීප තත්ත්වය සඳහා අවැසි ප්‍රතිකාර බන්ධනාගාර රෝහලේ ඇත්දැයි සොයා බලන ලෙසද බන්ධනාගාර කොමසාරිස්වරයාට නියෝග කර තිබේ.

මේ අතර සිය දියණියගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගීවීමට අවසර දෙන ලෙස අනුර සේනානායක මහතාගේ නීතිඥවරයා උසාවියෙන් අවසර ඉල්ලා සිටි ඇති නමුත් අධිකරණයට ඊට අවසර ලබා දී නැත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles