Sunday, September 22, 2024

නොරොච්චෝලේ 50 පාරක් කැඩිලා

නොරොච්චෝලේ තාප විදුලිබලාගාරය ආරම්භ කළ දින සිට මේදක්වා පළමු ජනක යන්ත්‍රය අවස්ථා 33කදී,දෙවැනි යන්ත්‍රය අවස්ථා 17කදී සහ තෙවැනි යන්ත්‍රය අවස්ථා 08කදී බිඳවැටී ඇතැයිවිදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පැවසීය.

2015 වසරේදී පමණක් පළමු යන්ත්‍රය එක් අවස්ථාවකදී, දෙවැනි යන්ත්‍රය අවස්ථා 06කදී සහ තෙවැනි  යන්ත්‍රය අවස්ථා 06කදී බිඳ වැටී තිබුණු බව ඒ මහතා කියා සිටියේය.

යන්ත්‍ර බිදවැටීම් හා ගල්අඟුරු නියමිත පරිදි ලබානොදීම  නිසා නොරොච්චෝලේ තාප විදුලිබලාගාරය දින 271ක් වසා දමා තිබුණු බවද ඔහු පවසා සිටියේය. එම බලාගාරය 2015 වසරේදී සමස්ත විදුලි අවශ්‍යතාවෙන් 34% ක් හෙවත් ගිගාවොට් පැය 4457ක් නිපදවා තිබුණු බවද ඔහු කීය.

අනාගතයේදී රෝලන්ඩ්,උමාඔය,මොරගහකන්ද,හොරගොල්ල යන බලාගාර සහ මන්නාරම සුළං බලාගාරය විදුලිය නිපදවීම සඳහා යොදාගන්නා බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles