දුම්රිය වැඩවැරුම ක්‍රියාත්මකයි! ආණ්ඩුවෙන් අවවාද පමණයි…

0
678

දුම්රිය රියදුරන් ක්‍රියාත්මක කරන වර්ජනය තව දුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් වර්ජනය පිළිබඳව හෝ ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කිරීමට කිසිඳු පාර්ශවයක් ආරාධනා කර නොමැති බවත් දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් එස්. ආර්. සී. එම්. සේනානායක මහතා පැවසීය.

වර්ජනයේ නිරත දුම්රිය ලොකෝමෝටිව් ඉන්ජිනේරුවන් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

වහාම සේවයට වාර්තා කරන ලෙසත් එසේ නොකරන්නේ නම්, ඔවුන් සේවය හැර ගියා සේ සලකන බවත් අදාළ නිවේදනයේ සඳහන් කර ඇත.

ලොකෝමෝටිව් ඉන්ජිනේරුවෝ 84 දෙනෙක් මේ වන විට වර්ජනයේ නිරත වී සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here