දුටුගැමුණුගේ රථයට වෙඩි තිබ්බේ කවුද?

0
1302

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් පිරිසක් විසින් වෙඩිතබා පළාගොස් තිබේ.

ඊයේ (17) රාත්‍රී 10.35 පමණ මන්ත්‍රීවරයාගේ නිවස ඉදිරිපිටදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන්ය.

මන්ත්‍රීවරයා කිසියම් කටයුත්තක් සඳහා නිවසින් බැහැරට ගොස් යළි නිවස වෙත පැමිණි අවස්ථාවේ දී එම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ.

මෙහිදී මන්ත්‍රීවරයා පමණක් මෝටර් රථයේ සිට ඇති අතර ප්‍රහාරයෙන් ඔහුට කිසිදු හානියක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කළේය. 

මෝටර් රථයේ වම්පැත්තේ පිටුපස අසුන ප්‍රදේශයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී තිබේ.

මෙම සිද්ධිය සම්න්ධයෙන් අනුරාධපුර පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර නිවසට පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාවද යොදා ඇති බව සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here