Sunday, September 22, 2024

නිලධාරීන් 50ක් අද FCIDයේ

ප්‍රකාශ ලබා ගැනීම සඳහා  ආයතන කිහිපයක නිලධාරීන් 50 දෙනෙකු අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබේ.

ඒ ඉකුත් රජය සමයේ සිදුව ඇතයි ප‍ැවසෙන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි.

මේ යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයේ, සංචාරක මණ්ඩලයේ, සංචාරක අමාත්‍යංයේ, ඉන්ජිනේරු කාර්යංශයේ, සේවක ආර්ථ සාධක අරමුදලේ, ලංකා විදුලිබල මණ්ඩලයේ, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ, මගනැඟුමේ හා සී.එස්.එන් නාලිකාවේ නිලධාරීන් වන බව එහි නිලධාරියෙකු පැවසීය.

‍පසුගිය රජය සමයේ සිදුව ඇතැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට මොවුන් කැඳවා ඇති අතර අඛණ්ඩව එම කටයුතු සිදු වන බව ද සදහන්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles