ඩීසල් මිල නගී. මිනිරන් සමඟ පැට්‍රල් මිල බසී! පෙට්‍රල්-ඩීසල් සමතැන් ගනී

0
583

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 356ක් ලෙසයි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ දමා ඇති බව සඳහන්.

එහි නව මිල රුපියල් 423ක් වනවා.

ලංකා සුදු ඩීසල් රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 356ක් වන බව සඳහන්.

එමෙන්ම ලංකා සුපිරි ඩීසල් රුපියල් 10 කින් ඉහළ දමා තිබෙනවා.

එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 431 ලෙසයි.

මීට අමතරව භූමිතෙල් මිල රුපියල් 7කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 249ක්.

සිනොපෙක් සමාගම සිය 92 පැට්‍රල් මිල අඛණ්ඩව රුපියල් 358 සීමාවේ පවත්වාගෙන තිබිණි. ඒයද රුපියල් 2කින් මිල අඩුකිරීමට කටයුතු කර ඇත.