අයි.එස්. ත්‍රස්තයිට එරෙහි ඇමෙරිකාව – රුසියාව ඒකාබද්ධ ප්‍රහාරයකට සැරසේ

0
305

සිරියාවේ ඇලෙප්පෝ නගරය අත්පත් කරගෙන සිටින අයි.එස්. ත්‍රස්තවාදීන්ගෙන් එම භූමිය මුදා ගැනීම සඳහා රුසියාව සමග ඒකාබද්ධ මෙහෙයුමක් සිදු කිරීමට ඇමෙරිකාව සූදානම් වන බව වාර්තා වේ.

රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි සෙයිගු RT පුවත් සේවය වෙත මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත්තේ අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව ප්‍රහාරයක් දියත් කිරීම සඳහා ඇමෙරිකානු සගයින් සමග වඩාත් ක්‍රියාශීලී සාකච්ඡාවක නිරත වන බවය.

තවද පියවරෙන් පියවර තමන් සැලැස්මක් වෙත ලඟා වෙමින් ඇති බවත් මෙවැනි මෙහෙයුමක් තුළින් සිරියාවේ ඇලෙප්පෝ නගරයට සමය උදාකර දී එහි ජනතාවට තම නිවෙස් කරා ගොස් ජීවත් විය හැකි පරිසරයක් ගොඩනැගිම තම අරමුණ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මේ වනවිට ඇලෙප්පෝ නගරයේ ජනතාව මිලියන දෙකකට අධික ප්‍රමාණයක් අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් සිරකර ගෙන සිටින බව පැවසේ. ඔවුන් දැඩි ආහාර හිඟයකට මෙන්ම පානීය ජලය නොමැති කමින් පීඩා විඳිමින් සිටින බවත් වාර්තා වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here