Saturday, September 21, 2024

බෞද්ධාගම නඟා සිටුවීමට අපේ රජය කැප වෙනවා – ඇමති වජිර කියයි

ලොව සියලුම රටවල අපේ රටේ ස්වාමීන් වහන්සේලා ගොස් බෞද්ධ දර්ශනය ප්‍රචාරය කරන බවත් ලබන වසරේදී ලෝක බෞද්ධ සම්මේලනය සඳහා සියලුම බෞද්ධ නායකයින් අපේ රටට පැමිණෙන අතර එයට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම වෙහෙර විහාරස්ථාන නඟා සිටුවීම සඳහා කටයුතු කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

 

අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ගාල්ල, යක්කලමුල්ල, කරාගොඩ ශ්‍රී පුර්වාරාම විහාරස්ථානයේ සංඝාවාසය සහ දහම් පාසල් ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවට එක් වෙමිනි.

 

අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මූලිකත්වයෙන් මෙහි ඉදිකිරීම් සඳහා මුදල් ලබාදීමට නියමිතය.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

 

“මම ඉකුත්දා සිංගප්පූරුවේ ගිය අවස්ථාවේදී ලංකාරාමය විහාරස්ථානයට ගියා.එහිදී මම දැක්කා බහුතර විදේශිකයන් බෞද්ධ ආගමික වතාවත්වල නියළුනා. අපේ ආණ්ඩුව ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් ලෝක බෞද්ධ සම්මේලනයේදී ලංකාවට ඉතා වැදගත් තීන්දුවක් ලබාගෙන තියෙනවා.ඒ ලබන වසරේදී ලෝක බෞද්ධ සම්මේලනය ශ්‍රී ලංකාවේදී සැමරීමට සූදානම් කරල තියනවා.

 

ඉකුත් මාසයක කාලයක අපි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිල මෙහෙවර ජංගම සේවා වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික්කයේ සියලුම වෙහෙර විහාරස්ථාන සඳහා ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ සහභාගිත්වයෙන් රුපියල් 10,000 ක මුදල් පරිත්‍යාගයක් කළා.එහිදී ඉදිරි වසර 5 අවසන් වන විට රුපියල් ලක්ෂ 300 ක ස්ථාවර ගිණුමක් ඇති කිරීමට අපි ඉලක්ක කළා. එහි පොළිය විහාරස්ථානයේ සංවර්ධනයට පාවිච්චි කරන්න පුළුවන්. ඒ අනුව අපේ රජය බෞද්ධාගම නඟාසිටුවීම සඳහා සුවිශාල මෙහෙවරක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉදි කිරීමට නියමිත මේ ගොඩනැගිල්ලේ කටයුතුවලට අපේ රජය සම්පූර්ණ සහයෝගය ලබාදීමට කටයුතු කරනවා.” යැයි කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles