Saturday, September 21, 2024

ඌවේ මහ ඇමති කොන්ත්‍රාත්කරුවන්ගෙන් ජයටම ගරයි

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ නියෝගයක් මත ඌව පළාතේ විහාරස්ථාන නගා සිටුවීමේ වැඩ සටහනක් සදහා යැයි පවසමින් “හොඳම පාසල ලඟම පාසල” ව්‍යාපෘතිය යටතේ ඌව පළාතේද තෝරාගත් පාසල්වල ඉදිකිරීම් කොන්ත්‍රාත් සිදු කිරීමට තෝරාගන්නා ලද කොන්ත්‍රාත්කරුවන්ගෙන් රුපියල් පනස් දහස (රු. 50,000) බැගින් කප්පම් ගැනීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා, ඌව පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජකරුණා මහතා, ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් පී.ඒ.එම්.එස්.පී. අඹන්වල මහත්මිය සහ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) ඒ.ඒ.පි.එස්.කේ. කරුණාරත්න මහතා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 15වන දින බණ්ඩාරවෙල බිඳුණුවැව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේදී ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ඌව පළාතේ ක්‍රියාත්මක “හොඳම පාසල ලඟම පාසල” ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා තෝරාගත් කොන්ත්‍රාත් කරුවන් දැණුවත් කිරීමේ රැස්වීමක් පවත්වා ඇත.

මෙම රැස්වීමේ මුල් අදියරෙන් පසු ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ඉවත්ව ගොස් ඇති අතර දෙවන අදියරේදී තමන් ලඟ ඇති දුරකථන විසන්ධි කරන ලෙස නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) ඒ.ඒ.පි.එස්.කේ. කරුණාරත්න මහතා විසින් සියළු කොන්ත්‍රාත් කරුවන්ට දන්වා තිබේ.

ඌව පළාතේ විහාරස්ථාන නගා සිටුවීමේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ වැඩ සටහනක් සදහා සියළු කොන්ත්‍රාත් කරුවන් හෙට (19) දිනට ප්‍රථම එක් කොත්ත්‍රාත් කරුවකු විසින් රුපියල් පනස් දහස (රු. 50,000) බැගින් ලබාදිය යුතු බව ඉන් පසු දන්වා ඇත.

එම මුදල් එකතු කිරීමට බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික් දෙකට නිලධාරීන් දෙදෙනෙකුද නම් කර තිබේ.

එසේ ඉල්ලා සිටින රුපියල් පනස් දහසේ (රු. 50,000) මුදල ගෙවූවත් තවත් ගෙවීම් ගණනාවක් සිදුකිරීමට වන බවත් කොන්ත්‍රාත් කරුවෝ පවසති. කොන්ත්‍රාත් කරුවන් බහුතරයක් මෙලෙස මුදල් ලබාදීමට අකමැති බවත් එහෙත් මුදල් ලබාදීම සිදු නොකළහොත් කොන්ත්‍රාත් නොලැබෙන තත්වයක් මතුව ඇති බවත් එම කොන්ත්‍රාත්කරුවෝ වැඩිදුරටතක් පවසති.

මහ ඇමතිවරයාගේ මෙම කප්පම් ගැනීමේ ක්‍රියාකලාපයට එරෙහිව “යහපාලන සමාජයක් සඳහා වූ ඌව පළාත් එකමුතුව” නමින් සංවිධානයක් පිහිටුවාගෙන ඇති බවත් වැඩිදුරටත් වාර්තාවේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles